Saturday, 1 February 2014

දළඹු පැටියාට පාඩමක්

පුංචි දළඹු පැටියෝ 
අමාරුවෙන් හරි 
අතුදිගේ බඩගාලා 
දළුකොළ කාලා ලොකු වෙයන් 
උඩ බලන්න නවතින්න එපා උබ.
ඒ ඉගිල්ලෙන්නේ සමනල්ලු නෙමේ 
හවස තටු ආපු මෙරු....



36 comments:

  1. ලස්සනයි,
    පැටිය උනත් දලබුව නම් විසයි ,
    එත් ඉතින් කගේ හරි පටියෙක්නේ,

    ReplyDelete
    Replies
    1. දලඹුවා විස නෑ කුමා. ඌ මේ ලෝකෙ ඉන්න අහින්සකම සතුන්ගෙන් එකෙක්.
      දලඹුවාගේ ඇඟේ, උගේ ආරක්ෂාවට හදුණු බූවක් තියෙනවා, විෂ තියෙන්නෙ ඒ කෙඳි වල අගට වෙන්න. ආරක්ශාවට පමණයි. ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ. වේදනාවක් ඇති කරලා එලවාගන්නවා විතරයි.

      Delete
    2. ගයාන් දීලා තියෙන්නේ උත්තර .කුමා දළඹු ජිවිතයක් ගත කල යුතුමයි ලස්සන සමනලයෙක් වෙන්න ,,ඒක විෂයි අමාරුයි තමයි

      Delete
  2. දලඹුවා විස නෑ කුමා. ඌ මේ ලෝකෙ ඉන්න අහින්සකම සතුන්ගෙන් එකෙක්.
    දලඹුවාගේ ඇඟේ, උගේ ආරක්ෂාවට හදුණු බූවක් තියෙනවා, විෂ තියෙන්නෙ ඒ කෙඳි වල අගට වෙන්න. ආරක්ශාවට පමණයි. ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ. වේදනාවක් ඇති කරලා එලවාගන්නවා විතරයි.

    ReplyDelete
  3. මෙරු උනත් ඉගිලෙනකොට, ඒ දිහා බල බල බඩ ගගා ඉන්න එක කොච්චර නම් අමාරුද..

    ReplyDelete
    Replies
    1. ඒත් මෙරුන්ගේ ආයුෂ කෙටි නිසා ඉවසන්න වෙනවා

      Delete
  4. දළඹුවෙක් වෙනවට වඩා නරකද ගෙම්බෙක් වෙන එක :D

    ReplyDelete
    Replies
    1. යනවා යන්න ගෙම්බා

      Delete
  5. දළඹු පැටියා අමාරුවෙන් කොලෙන් කොලේ කා දැඩිවේවි...
    සමනල් තටු වලට වෛර බැන්ද
    නපුරු කුරුල්ලෙක් ඇවිත්
    හොට ගහලා උගේ හීන
    ගිල දානකම්

    ReplyDelete
    Replies
    1. හැම දළඹුවම සමනලයෙක් වෙන්න පින් කරලා නැහැ බස්සියේ..බස්සියෝ ඇවිත් හොටෙන් අරන් යනවනේ :)

      Delete
  6. රත්න ශ්‍රී ගෙ ගොළුබෙල්ලා සහ පලාගිරවී මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මන් අහලා නැහැ කෙල්ලේ

      Delete
  7. පුංචි පද වැලක් වුනත් ඒ ඇතුලේ වටින අදහසක් තියෙනවා. අනාගතය ගැන සිහින මවමින් ඉන්නවට වඩා තමන්ගේ ජීවිතයට අවශ්‍ය දේට මුල් තැන දීලා කටයුතු කරන්න ඕනේ කියලයි මේක කියෙව්වහම මට හිතුනේ ...

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ අදහස ඒ විදියටම ග්‍රහණය කරගෙන තියෙනවා තුෂ් ...

      Delete
  8. ම්ම්ම්ම්....අනේ මන්ද....
    අපිට පොඩි වේදනාවක් හරි දෙන කුඹි දැලඹුවො ගැනමයි සිතිවිලි පහල වෙන්නෙ..
    ඔහාට වින්ටර් එක අහවර වෙන්නෙ කවද ද දන්නේ නැහැ ...........???

    ReplyDelete
    Replies
    1. හි හි ,,, වින්ටරේ සීතලට ඔයා ආස නැද්ද අනේ ,,

      Delete
  9. හ්ම්ම් ……

    උපදෙස පිලිගත්ත දළඹුවා ගොඩ යයි. ඒත් ඕක නාහන දළඹුවන්???

    ලොකු කතාවක් හැංගිච්ච පොඩි පද ටිකක්.!!

    ReplyDelete
    Replies
    1. thanks ප්‍රියෝ you ගොට් it

      Delete
  10. සමනලයෙක් වෙන්න චෑන්ස් එකක් නැද්ද

    ReplyDelete
    Replies
    1. තියෙනවා... :) ......ඇයි.....????

      Delete
    2. ඇයි ඔයාට අවුල්ද???

      ඔමා මේ හාදයව බ්ලොග් කරල දාන්න. යන යන තැන මට වලි දානවා. එක්කෝ ඕන නෑ මංම ගේමක් දෙන්නං.. හැක්

      Delete
    3. හි හි පේනවනේ කඩුව අරන් ඉන්නේ

      Delete
  11. ane manda akki monawa unath atda dan me venakota mata vela thiyenne dalambu patiyata vela tiyana de.meru ralak mage wate igilenawa mata jiwithe epa karawanna.meru ralen berila jiwath wenna harima amarui akki.ada mama gogak apset ake inne.man wage dalambu patau thawath athi me loke. 'OYAGE ADAHAS PUDUMA LASSANAI AKKIYO..OYATA THAWA IDIRIYATA YANNA MAMA SUBA PATHANAWA AKKI...'

    ReplyDelete
    Replies
    1. ඇයි නංගි මෙරු දිහා බලන්නේ ,, දෙපැත්ත දිහා බලන්න එපා ,,වාතාවරණය දිහා නොබලා ඔයාගේ අරමුණු වෙනුවෙන් වෙහෙසෙන්න

      Delete
    2. hmm..athatha akki..mama mage aramunu itu kara ganna nam mata meru hitiyath e ayawa nodakka wage inna wenawa.aurudu 60k70k kohoma jiwath wennada manda me loke..thanks akkiyo mage hitha riduna me welawe math ekka hitiyata.

      Delete
  12. සමනළයෙක් වෙනකම් ඌ නිදහසේ හිටපුවාවේ

    ReplyDelete
    Replies
    1. දළඹු ජිවිතේ අමාරු උණත් පසුකල යුතුමනේ ලස්සන සමනලයෙක් වෙන්න නම්

      Delete
  13. මතකද දන්නේ නැහැ ඉස්සර ඉස්කෝලෙදි දලබුවෙක් ලොකු වෙනකම් පොතක ලියල සමනලය වුනාට පස්සෙ යවනව..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් උමේෂ් ,,අම්මේ මාත් පිස්සුවෙන් වගේ ඕක කළා

      Delete
  14. මෙහි ඇති යටි අදහසට මම කැමතියි! ජය!!

    ReplyDelete
  15. @චන්දන ස්තුති අයියේ සත්තු මගේ මිත්තරයෝනේ

    ReplyDelete
  16. මෙයා දැන් දළඹුවන්ටයි කූඹින්ටයි කවි ලියන්නේ මොකද?

    ReplyDelete
  17. @dinesh හි හි උන් හොදයි අනේ මිනිස්සුන්ට වඩා

    ReplyDelete
  18. මෙරුන්ගෙ පුස්පාට් බලන්නනෙ අමාරු. anyway දඹලුවාව මතක් කරා කියන්න ඈ. :)

    ReplyDelete
  19. උගෙ ඔලු ගෙඩියට අනං මනං කොටන්න හෙම යනව නෙමේ ඕං

    ReplyDelete
  20. හැම සලමනයෙක් තුලම අතීත දඹලුවෙක් ඇත.

    අපේ දුව පොඩි කාලේ ඔය සත්තු දෙන්නාගේ නම් කිව්වේ ඔහොමයි.

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං